අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Anne Cetas

ඈන් සීටස්

ඈන් සීටස් ඇගේ නව යොවුන් වියේ අග භාගයේදී යේසුස්වහන්සේ අනුගමනය කිරීම අරඹන ලදී. අවුරුදු 19 දී ඇයගේ මිතුරියක විසින් ඇයට "අපගේ දිනපතා භෝජනය˜ පිටපතක් ලබා දෙන්නේ නොකඩවා බයිබලය කියවීමට ඇයට උපකාර කිරීමටය. තවද ඇය ඩිස්කවරි දැණුම පොත් පෙළෙටද දැඩි සේ ඇලුම් කරයි. වසර කීපයකට පසු ඇය අපගේ දිනපතා භෝජනය සංස්කාරක මණ්ඩලයට එකතුවන්නේ සෝදුපත් කියවන්නියක ලෙසය. 2004 සැප්තැම්බර් මස ඈන් අපගේ දිනපතා භෝජනය ලිපි රචනා කිරීම අරඹන ලද අතර ප‍්‍රකාශනයන්හී කළමනාකරණ සංස්කාරක ලෙසද කටයුතු කරයි. ඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා කාල් ඇවිදීමට හා එකතුව බයිසිකල් පැදීමට ප‍්‍රිය කරන අතර ඔවුන් නගරබද සේවයක උපදේශකයන් ලෙසද ක‍්‍රියා කරයි.

ඈන් සීටස් විසින් රචිත ලිපි

අභ්‍යන්තර සුවය සඳහා දඩයම් කරන්න

සෑම විටම කාර්යබහුල පුද්ගලයෙක් වූ, කාර්සන්, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම, කුණු ගෙන යන බයිසිකල් පැදවීම සහ ස්කේට්බෝඞ් පැදවීම යනාදී කාර්යන් කළේය. ඔහු එළිමහනේ සෑම දෙයකටම ආදරය කළේය. නමුත් ඔහු යතුරුපැදි අනතුරකට ලක්ව පපුව සිට මුළු ශරීරයම අකර්මණ්‍යවූ තත්ත්වයකට පත් වුණේය. වැඩි කල් යන්නට මත්තෙන් මානසික අවපීඩනයේ ඔහු ගිලී ගිය අතර, ඔහු අනාගතයක් ගැන එතරම් දුටුවේ නැත. පසුව දිනක් ඔහුගේ මිතුරන්…

සේවය කිරීමට අභියෝගය

වයස අවුරුදු දහතුනක් වුවද, ඩිඇවියොන් අන් අයට සේවය කිරීමේ අභියෝගය භාර ගත්තේය. ග්‍රීෂ්ම නිවාඩුවේදී නොමිලේ වතු පනහක් තණකොළ කපන ලෙස ළමයින්ට ආරාධනා කළ මිනිසෙකු පිළිබඳ කතාවක් ඔහු සහ ඔහුගේ මව අසා තිබුණි. ඔවුන්ගේ අවධානය යොමු වූයේ විශ්‍රාම ලැබූ සැමට, තනිකඩ මව්වරුන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට හෝ උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපකාර කිරීමයි. මෙම සේවයේ ආරම්භකයා (ප්‍රාන්ත පනහක තණකොළ වතු පනහක් කපා…

මුළුමණින්ම තනිවමද?

සූගේ පවුල ඇගේ ඇස් ඉදිරිපිට කඩා වැටෙමින් තිබුණි. ඇගේ සැමියා හදිසියේම නිවසින් පිටව ගොස් ඇති අතර, ඇය සහ ඇගේ දරුවන් ව්‍යාකූලත්වයට හා කෝපයට පත්ව සිටියහ. ඇය සමඟ විවාහ උපදේශනය සඳහා පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද, ගැටළු ඇගේ බව පවසමින් ඔහු එසේ නොකළේය. ඔහු කිසි දිනෙක ආපසු නොඑනු ඇතැයි ඇය වටහා ගත් විට භීතිය සහ බලාපොරොත්තු සුන්වීම ඇති විය. ඇය සහ…

අපි ආගන්තුකයෝ

අලුත් භාෂාව, පාසල්, සිරිත් විරිත්, ගමනාගමනය සහ කාලගුණය වැනි ඔවුන්ගේ අලුත් රටේ සෑම දෙයක්ම දැඩි ලෙස වෙනස් විය. ඔවුන් කවදා කෙසේ හැඩගැසෙන්නේ දැයි කල්පනා කළහ. නව දේශයක ඔවුන්ගේ නව ජීවිතයට උපකාර කිරීමට අසළ පිහිටි දේවස්ථානයක සාමාජීක පිරිසක් එකතු වූහ. පැටී නමැති කාන්තාවක් විසින් මෙම යුවළ දේශීය ආහාර වෙළඳපොළක සාප්පු සවාරියකට කැඳවා ගෙන ගියේ වෙළඳපොළේ තිබෙන දේ පෙන්වීමට සහ භාණ්ඩ මිළදී…

පහතට නැමීම

කුඩා පාපැදිය තම කුඩා පාද වලින් හැකි තරම් වේගයෙන් පැදවූ තම දියණිය පිටුපසින් තරුණ මවක් දිව ගියාය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වේගයක් ලබා ගත් කුඩා දැරිය එක්වරම පාපැදියෙන් බිමට පෙරළී තම වළලුකර රිදෙන බව පවසමින් හැඬුවාය. ඇගේ අම්මා නිහඬව දණින් වැටී, පහතට නැමී, “වේදනාව නැති කිරීමට” එතැන සිප ගත්තාය. එය වැඩ කළේය! කුඩා දියණිය නැගිට ආපසු පාපැදියට නැග පැද ගියාය.…

ඇදහිල්ල ක්‍රියාවට නැංවීම

2021 ජුනි මස සන්ධ්‍යාවක ගම්මානයක් හරහා ටොර්නේඩෝවක් නොහොත් සුළි සුළං සහිත චණ්ඩ මාරුතයක් හමා, පවුලක ධාන්‍යාගාරයක් විනාශ කළේය. 1800 ගණන්වල අග භාගයේ සිට මෙම ධාන්‍යාගාරය පවුලේ දේපළක්ව තිබූ නිසා එය කණගාටුදායක පාඩුවක් විය. ජෝන් සහ බාර්බ් පසුදා උදෑසන දේවස්ථානයට යන අතරමගදී, සිදුව ඇති හානිය දැක, ඔවුන්ට උදව් කිරීමට පුළුවන් වන්නේ කෙසේදැයි කල්පනා කළහ. ඒ නිසා ඔවුන් නතර වූ අතර පිරිසිදු…

ආදරය සහ දෙවියන්වහන්සේ මත රඳා සිටීම

සැක්, විහිළුවට බර, දක්ෂ සහ කවුරුත් කැමති වූ දරුවෙක් විය. නමුත් ඔහු රහසින් මානසික අවපීඩනය සමඟ සටන් කළේය. වයස අවුරුදු පහළොවේදී ඔහු සියදිවි නසාගත් පසු, ඔහුගේ මව, ලෝරි, ඔහු ගැන පැවසුවේ, "ඔහු ඉදිරියේ සැම දෙයක්ම ඔහුගේ වාසියට තිබුණ කෙනෙකු එම තත්ත්වයට පැමිණෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේය. සැක් ... සියදිවි නසාගැනීමෙන් නිදහස් නොවූයේය". නිහඬව සිටින අවස්ථාවලදී ලෝරි තම දුක…

විඳ දරා ගැනීම සහ දියුණු වීම

සජීවීකරණය කරන ලද ගුහා මිනිස් පවුලක් වන “ද කෘඞ්ස්” විශ්වාස කරන්නේ “විඳ දරා ගෙන ජීවත් වීමට ඇති එකම ක්‍රමය මෙම පිරිස (ඔවුන්ගේ කුඩා පවුල) එකට සිටියහොත් පමණක්ය” කියායි. ඔවුන් ලෝකයට සහ අන් අයට බිය වන හෙයින් ආරක්‍ෂිතව ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීමෙන් පසු දැනටමත් එම ප්‍රදේශයේ නාඳුනන පවුලක් සිටින බව දැන ගනිති. නමුත් ඔවුහු ඉක්මණින්ම නව අසල්වැසියන්ගේ වෙනස්කම් වැළඳ ගැනීමටත්…

අන් අය සමග ඇවිදීම

ආදරණීය සහ පක්‍ෂපාතී සුනඛයෙක් වන බිලී 2020 දී අන්තර්ජාල තරුවක් බවට පත් විය. ඔහුගේ අයිතිකරු වන රසල් ඔහුගේ වළලුකර බිඳී තිබූ හෙයින් ඇවිදීමට කිහිලිකරු භාවිතා කරමින් සිටියේය. වැඩි කල් නොගොස් බල්ලාද තම අයිතිකරු සමග ඇවිදින විට නොන්ඩි ගසමින් ඇවිද්දේය. කණස්සල්ලට පත් රසල් බිලීව පශු වෛද්‍යවරයා වෙත ගෙන ගිය අතර ඔහු කීවේ සුනඛයාට කිසිම වරදක් නැති බවයි. ඌ තනිවම සිටින විට…

නිවසක් සඳහා දැඩි ආශාව

“ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්” යන කථාවල ප්‍රධාන චරිතය වන ඈන් පවුලකට ආශා කළාය. අනාථ වූ ඇය කවදා හෝ නිවසක් කියා කීමට තැනක් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇති කර ගෙන තිබුණි. පසුව මැතිව් නම් වැඩිමහල් මනුෂ්‍යයෙක් සහ ඔහුගේ සොහොයුරිය වන මෙරිල්ලා ඇයව ඔවුන්ගේ නිවසට ගැනීමට කැමති බව දැන ගත්තාය. බක්කි කරත්තයෙන් ඔවුන්ගේ නිවසට යන අවස්ථාවේදී ඈන් දිගින් දිගටම කථා කිරීම ගැන ඇය…